උපාදානය හෙවත් දැඩිව අල්ලාගැනීම: තෘෂ්ණාව ට දාසකම් කරන සමකාලීන සමාජය හා නාමික බෞද්ධකම. ජනක අම්බලම්පිටිය හැඳින්වීම. ‘මම’, ‘මගේ’ යන හැගීම මිනිසාගේ චින්තන රටාව ට පදනම සකසන මූලික සංකල්ප ද්විත්වයක් ලෙස හැගේ. නමුත් භෞතික ශරීර සැබෑ ලෙස පවත්නා සත්ත්ව පුද්ගල ස්වභාවයක් සේ සළකාගෙන එය ට වසග වී තෘෂ්ණා බරිතව සිදු කරන නොමනා ක්‍රියාවල ආදීනව සමකාලීන සමාජය ට උසුලාගත නොහැකි අන්දමින් වර්ධනය වී ඇත. නොයෙකුත් සමාජ විරෝධී හැසිරීම්, වංචා, දූෂණ ක්‍රියා, හොරකම් වැඩි වශයෙන් සිදු වෙමින් පවතී. එසේම මෙම සමාජ තත්ත්වය සාමන්‍ය කාරණයක් යැයි හැගෙන මට්ටම ට මිනිසුන්ගේ සිත් හැඩගැසී ඇත. බුදුදහම අනුව එවැනි මානව ක්‍රියාවල අවසාන අරමුණ වනුයේ පංච ඉන්ද්රියයන් පිනවීමේ කාම තෘෂ්ණාව මිස අන් දෙයක් නොවේ. නීති-රීති පනවා, දැඩි දඩුවම් පමුණුවා හෝ එවැනි හැසිරීම් වළක්වා ගැනීමට නොහැකි වී ඇත. එමගින් ගම්‍ය වන්නේ බාහිර සීමා මායිම් යොදා පුද්ගල අභ්‍යන්තරයෙන් පැනනගින තෘෂ්ණාව ට වැට බැඳීම් සිදු කළ නොහැකි බව නොවේද?. ස්වයං අවබෝධයකින් ප්රහාණය කළ යුතු චිත්ත සන්තානයේ නිදන්ගතව ඇති ක්ලේශයක් බව නොවේ ද?. බෞද්ධයින් ලෙස නිවැරදිව ...