Posts

Image
උපාදානය හෙවත් දැඩිව අල්ලාගැනීම: තෘෂ්ණාව ට දාසකම් කරන සමකාලීන සමාජය හා නාමික බෞද්ධකම. ජනක අම්බලම්පිටිය   හැඳින්වීම.  ‘මම’, ‘මගේ’ යන හැගීම මිනිසාගේ චින්තන රටාව ට පදනම සකසන මූලික සංකල්ප ද්විත්වයක් ලෙස හැගේ. නමුත් භෞතික ශරීර සැබෑ ලෙස පවත්නා සත්ත්ව පුද්ගල ස්වභාවයක් සේ සළකාගෙන එය ට වසග වී තෘෂ්ණා බරිතව සිදු කරන නොමනා ක්‍රියාවල ආදීනව සමකාලීන සමාජය ට උසුලාගත නොහැකි අන්දමින් වර්ධනය වී ඇත. නොයෙකුත් සමාජ විරෝධී හැසිරීම්, වංචා, දූෂණ ක්‍රියා, හොරකම් වැඩි වශයෙන් සිදු වෙමින් පවතී. එසේම මෙම සමාජ තත්ත්වය සාමන්‍ය කාරණයක් යැයි හැගෙන මට්ටම ට මිනිසුන්ගේ සිත් හැඩගැසී ඇත. බුදුදහම අනුව එවැනි මානව ක්‍රියාවල අවසාන අරමුණ වනුයේ පංච ඉන්ද්‍රියයන් පිනවීමේ කාම තෘෂ්ණාව මිස අන් දෙයක් නොවේ. නීති-රීති පනවා, දැඩි දඩුවම් පමුණුවා හෝ එවැනි හැසිරීම් වළක්වා ගැනීමට නොහැකි වී ඇත. එමගින් ගම්‍ය වන්නේ බාහිර සීමා මායිම් යොදා පුද්ගල අභ්‍යන්තරයෙන් පැනනගින තෘෂ්ණාව ට වැට බැඳීම් සිදු කළ නොහැකි බව නොවේද?. ස්වයං අවබෝධයකින් ප්‍රහාණය කළ යුතු චිත්ත සන්තානයේ නිදන්ගතව ඇති ක්ලේශයක් බව නොවේ ද?.  බෞද්ධයින් ලෙස නිවැරදිව ...
Image
සම්පරා දෘශ්ය කලා සංචාරය - 2019 Anonymous Entry July 22, 2019 ස්වාභාවික පරිසරය හා මිනිසා අතර ඇත්තේ වෙනස් නොවන සබඳතාවකි. නමුත් සමාජ-පාරිසරික පද්ධතිවල වර්තමාන ස්වභාවය හා සංකීර්ණතාව අතීතයට වඩා බෙහෙවින් අනිශ්චිත ස්වරූපයක පවතී. මධ්‍යම පළාතේ ඉහළ භූමි ප්‍රදේශවල වගා කර ඇති ‘ෆයිනස්’ නැමති ආගන්තුක ශාකයෙන් සිදුව ඇති හානිය එය ට කදිම උදාහරණයකි. මහපොළව ෆයිනස් ශාකයට දැක් වූ ප්‍රතිචාරය කල්ගත වී විපාකයක් ලෙස පැමිණිම හා ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් නොමැති වීම යන කාරණා හේතුවෙන් එම ප්‍රදේශවල වාසය කරන වර්තමාන ප්‍රජාව මහත් විපතකට මු හුණපා සිටිති. ෆයිනස් රෝපණය කිරීමේ මූලික අරමුණ වී තිබෙන්නේ පාංශු ඛාදනය වලක්වා ගැනීම වුවද මේ වන විට වගා භූමියේ මතුපිට කුඩා හා විශාල ප්‍රමාණයේ ගල් පමණක් මතුව තිබෙනු දැකගත හැකියි. එය කිසිම සතෙකුගේ වාසය ට සුදුසු පරිසර තත්ත්වයක් නොවේ. ෆයිනස් කැලෑ ගිණි ගැනීමෙන් පරිසර පද්ධතියට හා ජෛව විවිධත්වයට සිදුවන හානිය ද විශාලය. ඉදිකටු වැනි සියුම් තුඩු සහිත ෆයිනස් පත්‍රවලට ශාකභක්ෂකයින්ගේ රුචියක් නොපෙන්වයි. බෙහෙත් පැළෑටියක්, වටිනා ශාක විශේෂයක්, ආහාරයට ගත හැකි අල වර්ගයක්, පළතුරු වර්ගයක් හෝ ...
Image
සම්පරා දෘශ්‍ය කලා සංචාරය: ශ‍්‍රී ලංකාවේ භූ සිතියමෙන් සදහටම මැකීයන ගල් කඳු. 2019.08.17 දශක දෙක තුනකට පෙර ගල් කැඩීම සිදු කරන ලද්දේ අතින් බෝරදමා කුළුගෙඩිය ප‍්‍රයෝජනයට ගෙන අවශ්‍යතාවන් ට අනුව ය. නමුත් වර්තමානය වන විට මෙම කර්මාන්තය නවීන යන්ත්‍රෝපකරණ භාවිත කරමින් මහාපාරිමාණව සිදු කරයි. එවැනි ගල්කොරිවල විශාලත්වය මනිනුයේ වර්ගකිලෝමීටර්වලනි. ගල්කොරියක් යනු පාෂාණය කඩා ඉවත් කරන විවෘත්ත ප‍්‍රදේශයක් වුව ද පොදුවේ ගත්කල එහි ස්වාභාවික පිහිටීම, ගල්වළේ සැලැස්ම, ප‍්‍රමාණය, සමාන්‍ය ක‍්‍රියාකාරීත්වය, අවට ප රිසරය සහ භූ විද්‍යාත්මක සාධක ද තීරණාත්මක වේ. ගල් කැඩීම ඉතා සංවේදී හා සංකීර්ණ කාරණයකි. එක් අතකින් ගල්වළවල් මගින් සමාජයේ විවිධ අවශ්‍යතා සපුරාලයි. ඒ අතර රැකියා උත්පාදනය, දේශීය ආර්ථිකයට දායක වීම, ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ආදී වටිනාකම් කිහිපයක් ඇත. නමුත් ගල්කොරියේ ක‍්‍රියාකාරීත්වය පරිසරයට හා මිනිසාට සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් ද ඇති කරයි. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටා තිබෙන කුඩා ගල් කඳු මෙලෙස කඩා විනාශ කිරීමෙන් භූ විෂමතාව ද වෙනසකට ලක්ව ඇත. එමගින් ක්ෂුද්‍ර හා මහාපරිමාණව ස්වාභාවි...